හුරුළුවැව ජලාශය ඇතුළු ගලෙන්බිදුණුවැව මහ වැව් තවමත් වාන්දමයි
16 December 2025
හුරුළුවැව ජලාශය ඇතුළු ගලෙන්බිදුණුවැව මහ වැව් තවමත් වාන්දමයි
16 December 2025
පසුගිය දින කිහිපයේ ඇදහැලුණු වර්ෂාපතනයත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව වාරි බලප්‍රදේශයේ වැව් බොහොමයක් වාන් දමා තිබේ.
හුරුළු වැව තත්පරයට අක්කර අඩි 379.97ක ප්‍රමාණයක් වාන්දමමින් පවතින බව හුරුළු වැව භාර වාරි ඉංජිනේරු දසුන් තිලකරත්න මහතා වැඩිදුරටත් පවසයි.
අද (16) උදෑසන 8.00 පමණ වන විට හුරුළුවැවෙන් තත්පරයට අක්කර අඩි 379.97 ක ප්‍රමාණයක් දොරවල් සියල්ලෙන්ම වාන් දමන බව හුරුළු වැව භාර වාරී ඉංජිනේරුවරයා පැවසු අතර මේ වන විට අක්කර අඩි 55000 යුත් ජලය ධාරිතාවක් පැවතිය යුතු හුරුළු වැව තුළ ජලය අක්කර අඩි 56,250 ක ප්‍රමාණයක් පවතින බව හුරුළු වැව භාර වාරි ඉංජිනේරුවරයා වැඩිදුරටත් අප කළ වීමසීමකදී පැවසීය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වැවට ඉහළ ප්‍රදේශයේ පවතින ජලය පැමිණි හේතුවෙන් හුරුළු වැව හි වාන්දමන වාන් ජලය යාං ඔයට මුදාහැර තිබේ.
මේ අතර පවතින අයහපත් කාලගුණය හෙතුවෙන් මාන්කට්ටිය වැව තවමත් වාන් දොරටු විවෘත කර ඇත අතර ඒහි වාන් ජලය හුරුළු වැවට මුදා හැර ඇත.
ඒමෙන්ම හුරුළු වැව භාර වාරිමාර්ග කාර්යාලය යටතේ අධික්ෂණය වන අළුත් දිවුල්වැව ද තවමත් වාන් දමමින් පවතින අතර ඒම වාන් වතුර යාංඔයට මුදා හැර තිබේ.

