වතු නිවාස පේළියක් මතට මැයි මාර ගසක් කඩා වැටෙයි
24 September 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්
වතු නිවාස පේළියක් මතට මැයි මාර ගසක් කඩා වැටෙයි
24 September 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්
නාවලපිටිය බෝහිල් වතුයායේ වතු නිවාස පේළියක් මතට ඊයේ(23) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව සමඟ මැයි මාර ගසක් වැටීම නිසා වතු නිවාස 05 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
එම නිවාස වල පදිංචිව සිටි තිදෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.
ඉන් බරපතල තත්වයේ සිටි එක් තුවාලකරුවෙක් මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බව නාවලපිටිය පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
ගස කඩා වැටීමෙන් තුවාල ලබා ඇත්තේ 46 හැවිරිදි මවක් හා 13 හැවිරිදි කුඩා දියණියක් සහ අසල නිවසක වූ 36 හැවිරිදි කාන්තාවකි.
කඩා වැටුණු ගස කඩා වැටීමට ප්‍රථම අවධානම් තත්වයේ පවතින නිසා ගස කපා ඉවත් කර දෙන ලෙස ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා, ප්‍රාදේශීය ලේකම්වරයා, වතු අධිකාරිවරයා ඇතුළු සියලු පාර්ශ්වයන් අවස්ථා ගණනාවකදී දැනුවත් කර තිබුණත්, ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු නොකිරිම හේතුව මත ගස කඩා වැටුණු බව පීඩාවට පත් වූ ජනතාව කියා සිටියහ.
වතු නිවාස පේළියට කඩා වැටුණු ගස නාවලපිටියේ පොලිස් නිළධාරින්, මහනුවර ශ්‍රි ලංකා සිංහ රැජිමේන්තුවේ දෙවන බල ඇණියේ භට පිරිස් ගස කපා ඉවත් කිරීමේ කටයුතු සිදු කළත්, ගස සම්පූර්ණයෙන්ම නිවෙස් මතින් ඉවත් කිරීමට භූම් යන්ත්‍රයක් අවශ්‍ය බවත්, එතෙක් අනතුරුදායක කොටස් පමණක් ඉවත් කිරිමට එම නිළධාරින් පියවර ගෙන ඇත.
ගස කඩා වැටීමෙන් එම නිවාසවල තිබු වතුකම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිර ආදිය ද විනාශ වී ඇති අතර, අනතුරින් පීඩාවට පත් එම වතු නිවාස පේළියේ පදිංචිකරුවන් එම වතුයායේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක නවතා තැබීමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.

