සංචාරක ක්ෂේත්රයේ කාන්තා දායකත්වය ඉහළ නැංවීමට 'Women in Tourism' ව්‍යාපෘතිය නුවරඑළියේදී ඇරඹෙයි
15 November 2026 | ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය
සංචාරක ක්ෂේත්රයේ කාන්තා දායකත්වය ඉහළ නැංවීමට 'Women in Tourism' ව්‍යාපෘතිය නුවරඑළියේදී ඇරඹෙයි
15 November 2026 | ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය
සංචාරක කර්මාන්තය තුළ කාන්තාවන්ට වැඩි රැකියා හා ව්‍යවසායකත්ව අවස්ථා උදාකරදීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන Women in Tourism (WIT) ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම පසුගියදා නුවරඑළියේදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ජෙනස් ඩි බෝර් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි.
සංචාරක කර්මාන්තය තුළ කාන්තාවන් මුහුණ දෙන බාධක බිඳ හෙළීම (Breaking Barriers for Women in the Tourism Industry) යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන මගින් සංචාරක ක්ෂේත්රයට පිවිසීමට අපේක්ෂා කරන කාන්තාවන්ගේ වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීම, සමාජ පිළිගැනීම තහවුරු කිරීම මෙන්ම රැකියා හා ව්‍යවසායකත්ව අවස්ථා පුළුල්
කිරීම අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතිය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කාන්තාවන් 30 දෙනෙකු තෝරාගෙන ඔවුන් ප්‍රාදේශීය සංචාරක මාර්ගෝපදේශිකාවන් ලෙස පුහුණු කිරීමට නියමිතය.
ඒ සඳහා නුවරඑළියේදී මාසයක සූදානම් කිරීමේ පුහුණු වැඩසටහනක් පැවැත්වෙන අතර, අනතුරුව මහනුවර පිහිටි ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ (SLITHM) මාස හතරක නේවාසික පුහුණු පාඨමාලාවකට ඔවුන් යොමු කිරීමට සැලසුම් කර තිබේ.
නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ බෙරෙන්ඩිනා ආයතනය අතර පවතින හවුල්කාරිත්වය මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), සංචාරක මාර්ගෝපදේශක සංගම්, පළාත් පාලන ආයතන සහ ප්‍රජාව ද දායකත්වය ලබාදෙයි.


