brand logo
logo
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

19 July 2026


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.


මෙම තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දෙසට ධාවනය වන වාහන අධිවේගී මාර්ගයෙන් පිටවීම සඳහා වැලිපැන්න පිවිසුම භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන් වෙත උපදෙස් ලබා දී ඇත.


රථවාහන තදබදය පාලනය කිරීම සඳහා පොලීසිය සහ අදාළ අධිකාරීන් පියවර ගනිමින් සිටින අතර, අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විමසිලිමත් වන ලෙසත් පොලිසියේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් දන්වා සිටියි.

 

More News..