brand logo
logo
චීන සහෝදරත්වයේ සෙනෙහස රැගෙන චීන තානාපති දිලිත්ගේ ගමට

චීන සහෝදරත්වයේ සෙනෙහස රැගෙන චීන තානාපති දිලිත්ගේ ගමට

24 June 2026

අද (24) දින ගාල්ල අඟුළුගහ මහා විද්‍යාලයේ පැවති විශේෂ අවස්ථාවකට ශ්‍රී ලංකාවේ චීන තානාපති අතිගරු චී ෂෙන්හොං (Qi Zhenhong)මහතා සහ එම මහත්මිය එක්වූහ.


සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ආරාධනයකට අනුව චීන තානාපති කාර්යාලය මගින් පාසල වෙත වටිනා පරිත්‍යාග රැසක් ප්‍රදානය කරන ලදී.


මෙම අවස්ථාවේ විශේෂත්වය වූයේ අඟුළුගහ ප්‍රදේශය දිලිත් ජයවීර මහතාගේ උපන් ගම වීමත්, එතුමාගේ මව ගුරුවරියක් ලෙස සේවය කළ පාසල වන්නේද අඟුළුගහ මහා විද්‍යාලය වීමත්ය.


එමෙන්ම, ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින දිගුකාලීන ඓතිහාසික සබඳතා සහ දෙරට අතර ගොඩනැගී ඇති සමීප ද්විපාර්ශ්වික මිත්‍රත්වය පිළිබඳව තානාපතිවරයා සිදු කළ අදහස් දැක්වීමද මෙහිදී විශේෂ අවධානයට ලක්විය.


මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වැදගත් පියවරක් තැබූ බව සහභාගී වූවෝ පෙන්වා දුන්හ.


එහිදී සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අදහස් දක්වමින් කියා සිටියේ එතුමන්ගේ මිත්‍රත්වය අප්ට ඉතා වටිනා බවත් මින් ඉදිරියටත් මෙම පාසලේ අභිවෘද්ධිය සඳහා කැපවන බවත් මේ ගම මෙහි ජනතාව තමන්ට ඉතාමන් ලෙන්ගතු බවත්‍ අනාගතය ජයගන්නා අපේ දරුවන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් දෙවරක් නොසිතා හැකි පමනින් උදවු උපකාර කරන බවත්ය








 

More News..