හිජාබය නැතිව ගැයූ ගීතයට කස පහර 74ක්
24 November 2026
හිජාබය නැතිව ගැයූ ගීතයට කස පහර 74ක්
24 November 2026
මහජන සදාචාරයට පටහැනි අන්තර්ගතයන් නිෂ්පාදනය කිරීම සහ ප්රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ඉරාන ගායිකා Parastoo Ahmadi සහ ඇගේ නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයන් සිව්දෙනෙකුට කස පහර 74 බැගින් ලබාදීමට ඉරාන අධිකරණය තීරණය කර තිබේ.
නීතිඥ මුස්තාෆා නිලි සඳහන් කර ඇත්තේ, අදාළ පිරිසට වසර දෙකක කාලයක් කලා හා සංගීත උත්සවවලට සහභාගී වීම තහනම් කර ඇති අතර, සංචාරය කිරීම ද තහනම් කර ඇති බවයි. 2024 දෙසැම්බර් මාසයේදී යූටියුබ් වෙත මුදාහැරුණු වීඩියෝවක් මෙම නඩුවට හේතු වී තිබේ.
එම වීඩියෝවේදී Parastoo Ahmadi අනිවාර්ය හිජාබය පැළඳීමකින් තොරව පිරිමි සංගීතඥයන් පිරිසක් සමඟ ගීතයක් ගායනා කර තිබුණි.
ඉරාන නීතියට අනුව කාන්තාවන් ප්රසිද්ධියේ හිජාබය පැළඳිය යුතු අතර, එම නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම දඬුවම් පනවා ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, කස පහර දීම වධහිංසාවක් ලෙස සලකමින් බටහිර රටවල් සහ මානව හිමිකම් සංවිධාන මෙම ක්රියාමාර්ගය හෙළා දැක ඇති අතර, එම විවේචන ඉරානය විසින් ප්රතික්ෂේප කර තිබේ.


