brand logo
logo
විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් 4න් විදුලි සේවකයින්ට දැනුම්දීමක්

විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් 4න් විදුලි සේවකයින්ට දැනුම්දීමක්

10 March 2026


ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් 04හි අධ්‍යක්ෂක මණ්ඩල සමග වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ඉල්ලීම් 64න් ඉල්ලීම් 62ක් ලබාදීමට අධ්‍යක්ෂක මණ්ඩල එකඟ වී තිබේ.


එම සමාගම් 4 සභාපතිවරුන්ගෙන් යුතුව නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයක මේ බව සඳහන් කර තිබේ. 


එමෙන්ම ජනතාව අපහසුතාවයට පත්වෙන වැඩවර්ජනය අවසන් කොට සේවයට වාර්තා කරන ලෙස වෘත්තීය සමිතිවලින් එම සමාගම්වල සභාපතිවරුන් 04 දෙනා විසින් ඉල්ලා තිබේ.


එලෙස සේවය වාර්තා කරන්නේ නම් ඉතිරි ඉල්ලීම් 02 සම්බන්දයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමටද එකඟ වී තිබේ.

 

More News..