brand logo
logo
 රෑට අත්ට්‍රැක්ටර් පදින විට දිලිසෙන කොටස් ඕනෑ

රෑට අත්ට්‍රැක්ටර් පදින විට දිලිසෙන කොටස් ඕනෑ

24 August 2026 | නිර්මාණි තිලකසිරි


රාත්‍රි කාලයේදී ට්‍රැක්ටර් පැදවීමේදී ට්‍රැක්ටරයේ පරාවර්තික කොටස් (බාහිර ආලෝකයට දිලිසෙන කොටස්) සවිකර තිබීම අනිවාර්ය බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසයි.


හෙතෙම මේ බව පැවසූයේ මොනරාගල, බුත්තල, පැල්වත්ත ප්‍රදේශයේ සිට කැබිලිත්ත වන්දනාවේ ගමන් කරමින් සිටි පිරිසක් මොනරාගල කුඹුක්කන දාහතර ප්‍රදේශයේ කළු පාලම මතදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.


එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසූයේ අත්ට්‍රැක්ටරයක ගමන් කළ හැක්කේ රියැදුරුත් සමග පස්දෙනකු පමණක් බව මෝටර් රථ වාහන පනතේ සඳහන් වන බවයි.


වැඩිදුරටත් ඔහු මෙසේද පැවසීය.


පොලොන්නරුව, අනුරාධපුර සහ මොනරාගල දිස්ත්‍රික්කයේ බහුලව අත්ට්‍රැක්ටර් පැදවීම සිදුකරනවා තම දෛනික කටයුතු සිදුකර ගන්න. විශේෂයෙන්ම මේ අනතුරුවලට ලක්වෙන්නේ රාත්‍රි කාලයේදී. අත් ට්‍රැක්ටරයක් ඉදිරියට එනවා නම්, කළුවර ස්ථානයක් නම් ඉස්සරහින් එන කෙනාට පේන්නේ අත්ට්‍රැක්ටරයේ ලයිට් එක විතරයි. මොකද ගොඩක් අත්ට්‍රැක්ටර්වල පරාවර්තීය කොටස් සවි කරලා නෑ. ඒ හින්දා මේ එන්නේ යතුරුපැදියක් කියලා හිතලා තමයි මේ විදිහට අනතුරු සිදුවෙන්නේ. ඒ නිසා අත්ට්‍රැක්ටරයක් ධාවනය කරද්දි අනිවාර්යයෙන්ම එන්ජින් එකේ ලයිට් තියෙන්න ඕනේ. ට්‍රේලර් එකේ දෙපැත්තේ පරාවර්තික කොටස් සවි කරලා තියෙන්න ඕනේ.

 

More News..