brand logoaward badge
කුෂ් සමග ඇමරිකානු ජාතිකයෙක් අත්අඩංගුවට

කුෂ් සමග ඇමරිකානු ජාතිකයෙක් අත්අඩංගුවට

15 April 2025

තායිලන්තයේ සිට මෙරටට ගෙනා නීති විරෝධී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ විසි දෙකයි ග්‍රෑම් නවසීයක් සමග ඇමරිකානු ජාතිකයෙකු ගුවන්තොටුපොල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම අත්අඩංගුවට ගත් ඇමරිකානු ජාතිකයා වයස අවුරුදු තිස් එකක් වන අතර. ඔහු ඇමරිකාවේ ඉඩම් සම්බන්ධව ව්‍යාපාරිකයෙක් බව වාර්තාවේ.


තොරතුරු හෙළි වී ඇත්තේ. මෙම ඇමෙරිකානු ජාතිකයා පළමු වතාවට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔහුගේ ගමන් මළුව තුළ පැකට් 23ක මෙම කුෂ් තොගය සඟවා තිබුණ අතර මෙහි වටිනාකම, රුපියල් මිලියන 229 ක් වන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පැවසීය.


. මොහු අද උදෑසන ශ්‍රී ලංකන් ගුවන් යානයේ පැමිණ ඇති බවයි රේගුව සඳහන් කරේ. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම විදේශිකයා හා මත්ද්‍රව්‍ය ගුවන්තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත බාර දෙනු ලැබීය.

 

More News..