brand logo
logo
අනුරාධපුරයට අධිවේගී මාර්ගයක්

අනුරාධපුරයට අධිවේගී මාර්ගයක්

08 September 2026

මේ වසර තුළ අධිවේග මර්ග කිහිපයක වැඩ කටයුතු ආරම්භ කරන බව ප්‍රවාහන සහ මහ මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.


ඒ අනුව මේ වසරේ නොවැම්බර් - දෙසැම්බර් මාස දෙක තුළ කුරුණෑගල සිට දඹුල්ල අධිවේගී මාර්ගයේ කුරුණෑගල - ගලේවල කොටස් ආරම්භ කිරීමට නියමිතය.


එමෙන්ම කහතුඩුව සිට ඉංගිරි අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මේ වසර අග ආරම්භ කරන බව අමාත්‍යවරයා කියාසිටියේය.


මේ අතර කටුනායක සිට හලාවත දක්වා අධිවේගී මාර්ගයේ වැඩකටයුතු සම්බන්ධයෙන් සැලැසුම් සකස් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.


තවද අනුරාධපුරය කේන්ද්‍රගත් අධිවේගී මාර්ග පද්ධතියක් සම්බන්ධයෙන් ද අධ්‍යයන කිරීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බව සඳහන්ය.


කඩවත සිට මීරිගම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු 2028 වසරේ මැයි මාසය වනවිට අවසන් කිරීමට නියමිත බව ප්‍රවාහන හා මහ මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේය.


පොතුහැර සිට රඹුක්කන කොටස ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට අවසන් කිරීමට සැලැසුම් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

 

More News..