කාලගුණයෙන් රතු නිවේදනයක්
10 August 2026
කාලගුණයෙන් රතු නිවේදනයක්
10 August 2026
දිවයින වටා වන මුහුදු තීරයේ පවතින සක්‍රීය කාලගුණ තත්ත්වය හේතුවෙන් තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (10) පෙ.ව. 07.00 සිට හෙට (11) පෙ.ව. 07.00 දක්වා ඉදිරි පැය 24 ක කාලයක් සඳහා වලංගු වේ.
ඒ අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ට වඩා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි.
එබැවින් නැවත දැනුම්දෙන තුරු මෙම මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දී තිබේ.
එමෙන්ම මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ මන්නාරම හරහා හලාවත දක්වා මෙන්ම ගාල්ල සිට මාතර දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද සඳහන්.
එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන පිරිස් මේ පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
තවද, මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, ඒ සමගම එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු වීමේ හැකියාවක් ද පවතී.
මේ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේ දී නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

