වැලිගම අයවැය පරාදයි
13 October 2026
වැලිගම අයවැය පරාදයි
13 October 2026
වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව වැඩි ඡන්ද එකකින් පරාජයට පත්ව තිබේ.
සභාපති චින්තක හේවාපතිරණ මහතාගේ (ජාතික ජන බලවේගය) ප්‍රධානත්වයෙන් අද දින සභාවේ කටයුතු ආරම්භ වූ අතර, එහිදී සභාපතිවරයා විසින් 2027 වර්ෂයට අදාළ අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කරන ලදී.
එහිදී අයවැයෙහි ඇතුළත් යෝජනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂය නියෝජනය කරන හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ (සර්වජන බල පක්ෂය) සහ රොබින් සංඛ (පොදුජන එක්සත් පෙරමුණ) යන මහත්වරුන් එම අයවැය වාර්තාව ඇගයීමට ලක්කිරීම විශේෂත්වයකි.
කෙසේ වෙතත්, අනතුරුව පැවැති අයවැය පිළිබඳ ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය ප්‍රමුඛ කණ්ඩායම අයවැයට පක්ෂව ඡන්ද 22 ක් ලබා දුන් අතර, සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඊට එරෙහිව ඡන්දය භාවිත කළහ. ඒ අනුව, වැඩි ඡන්ද එකකින් අයවැය පරාජය කිරීමට විපක්ෂය සමත් විය.

