කැලණි, කලු, ගිං, මහවැලි සහ අත්තනගලු ඔය ද්රෝණිවලට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කරයි
31 October 2026
කැලණි, කලු, ගිං, මහවැලි සහ අත්තනගලු ඔය ද්රෝණිවලට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කරයි
31 October 2026
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කැලණි, කලු, ගිං, මහවැලි යන ගංගා සහ අත්තනගලු ඔය ද්රෝණි සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කර තිබේ.
ඒ, එම ද්රෝණිවල ජල මට්ටම මේ වනවිට සාමාන්ය තත්ත්වයට පත්වීම හේතුවෙනි.
කෙසේවෙතත් නිල්වලා ගගේ තල්ගහගොඩ ජල මිනුම් මාපකයේ ජල මට්ටම තවදුරටත් ගංවතුර අවදානම් මට්ටමක් පවතින බව සඳහන්ය.
දිවයින පුරා වර්ෂාපතන තත්ත්වයේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් ජලවිද්යා හා ආපදා කළමනාකරණ අංශය නිරන්තර අවධානයෙන් පසුවන බවත් ගංවතුර තත්ත්වයත් ඇතිවන්නේ නම් ඒ සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීම් සිදු කිරීමට අවශ්ය සියලු කටයුතු යොදා ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

