brand logo
logo
මරණ දඬුවමට ජනපති සමාව දෙන විධිමත් ක්‍රමවේදයක්

මරණ දඬුවමට ජනපති සමාව දෙන විධිමත් ක්‍රමවේදයක්

22 August 2026 | ඉෂාර රත්නකාර

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර ඇතැයි එම සිරකරුවන් සමග පැවැති සාකච්ඡාවේදී අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කර තිබේ.


ඊට අදාළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අධිකරණ ඇමැතිවරයා මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන් හමුවේ පවසා තිබේ.


කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරවල කටයුතු නිරීක්ෂණය කරමින් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටින සිරකරුවන් සමග සාකච්ඡාවක් පවත්වමින් අධිකරණ ඇමැතිවරයා එලෙස පවසා තිබේ.


‘‘මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. මාස 10 ක් තුළ සිදු කරන අධ්‍යයනයකින් පසුව එම කමිටු වාර්තාව භාර දී තිබෙනවා. ජනාධිපති සමාව ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම, මරණ ඳඬුවම නියමව සිටින සිරකරුවන්ට එම සිරදඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් දක්වා අඩු කිරීම, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින රැඳවූවන්ගේ දඬුවම් කාලය වසර 20 ක් දක්වා අඩු කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එම කමිටුව නිර්දේශ ලබාදී තිබෙනවා.’’ යැයි අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේය.


 

More News..