ව්යාපාරිකයෙකු ඝාතනය කිරීමට සූදානමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
20 October 2026
ව්යාපාරිකයෙකු ඝාතනය කිරීමට සූදානමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
20 October 2026
අඟුරුවාතොට පදිංචි ව්යාපාරිකයෙකු ඝාතනය කිරීමට සූදානමින් සිටි පුද්ගලයෙකු ටී-56 ගිනිඅවියක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවකු වන වැල්ලේ සාරංග නම් පුද්ගලයාගේ මෙහෙයවීමෙන් අදාළ ඝාතනය කිරීමට සූදානමින් සිට ඇති බව පොලීසිය පැවසුවේය.
අඟුරුවාතොට ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ව්යාපාරිකයෙකු ඝාතනය කිරීමට සූදානමින් සිටින බවට පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව දින ගණනාවක් පුරා දිවාරාත්රී නොබලා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් අදාළ පුද්ගලයාව ඔහු පදිංචි නිවසේදී අත්අඩංගුවට ගනුලැබීය.
සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුගේ නිවස අසළ වළදමා තිබූ ටී-56 වර්ගයේ ගිනිඅවියක්, මැගසිනයක් හා උණ්ඩ 16ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු විදෙස්ගතව සැඟව සිටින වැල්ලේ සාරංග නම් අපරාධකරුගේ මෙහෙවීමෙන් අදාළ ඝාතනය සිදුකිරීමට සූදානමින් සිටි බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
අදාළ ව්යාපාරිකයා විසින් ඔහුගේ කර්මාන්ත ශාලාවේ අබලි ද්රව්ය වැල්ලේ සාරංග පාර්ශ්වයට ලබානොදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකිරීමට සැලසුම් කර ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ.
මෙහිදී සොයාගත් ගිනිඅවිය කළුතර ප්රදේශයේ අපරාධ රැසකට කාලයක් තිස්සේ භාවිත කර ඇති අතර ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලියා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ පාර්ශ්වයද එය භාවිත කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය පැවසුවේය.
32 හැවිරිදි සැකකරු රඳවාගෙන ප්රශ්න කිරීමට නියමිත බවද පොලීසිය පැවසීය.

