brand logo
logo
අන්තරාදායක ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනය සදහා වූ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

අන්තරාදායක ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනය සදහා වූ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

25 August 2026

විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.


අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නියෝග පරිදි ඊයේ (24) අදාළ ගැසට් පත්‍රය පළකර ඇති බව වාර්තා වේ.


මෙම පනත් කෙටුම්පත මගින් විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග ආඥා පනතට සංශෝධන කිහිපයක් සිදුකර ඇති අතර නව යෝජනා කිහිපයක් ද හදුන්වා දී ඇත.


අදාළ ආඥා පනතේ 54 වන වගන්තියේ පළමුවන උප වගන්තියේ පැවති හෙරොයින්, කොකේන්, මොෆීන්, අබිං යන වචනවලට අමතරව මෙත්ඇම්පිටමින් යන වචනය ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ.


ඊට අමතරව මෙම පනත් කෙටුම්පත මගින් රස පරීක්ෂකවරයා විසින් නිකුත් කරන වාර්තා සම්බන්ධයෙන් සහ මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට ලබාදෙන දඩුවම් සම්බන්ධයෙන් ද නව සංශෝධන ඉදිරිපත් කර තිබේ.


මත්ද්‍රව්‍ය වරදකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ දී විමර්ශන නිළධාරීන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබදව ද මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති බව සඳහන්.

 

 

More News..