විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
21 July 2026
විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
21 July 2026
විෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, විෂ රසායනික ද්‍රව්‍ය යොදා ඉදවීම සිදුකළ පලතුරු වෙළෙඳපොළේ අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බවය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
කෙසෙල්, අඹ සහ ගස්ලබුවලට මෙවැනි විෂ රසායනික ද්‍රව්‍ය යෙදීම සමාජයේ විශාල ගැටලුවක් වී ඇති බවද සඳහන් කර සිටි අමාත්‍යවරයා ඊළඟ පියවරේදී මෙවැනි විෂ රසායනික ද්‍රව්‍ය යොදා ගන්නා ස්ථාන වැටලීමට කටයුතු කරන බවද පැවසීය.
අදාළ දැනුම්වත් කිරීම් සිදුකර ඇති අවස්ථාවකත් වෙළෙඳුන් මෙම ක්‍රමවේදය දිගින් දිගටම සිදුකරන්නේ නම්, ඊට අදාළව නඩු දැමීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

