Best News Website award
brand logo
logo
දෙවැනි ටෙස්ට් සටන අද සිට

දෙවැනි ටෙස්ට් සටන අද සිට

17 November 2026


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දීර්ඝ පාකිස්තාන තරග සංචාරයට අදාළ අවසන් තරගය ලෙස, තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය අද (16 වැනිදා) රාවල්පිණ්ඩි හිදී ඇරැඹීමට නියමිතය.


මෙම තරගය ලාහෝර් හිදී පැවැත්වීමට මූලික සැලසුම් සකස්වී තිබුණු නමුත් එම ප්‍රදේශයේ පවතින වායු දූෂණ තත්ත්වය හේතුවෙන් පළමු තරගය පැවැති රාවල්පිණ්ඩි පිටියම යොදා ගැනීමට පසුව තීරණය කෙරිණි. කෙසේ වෙතත් තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර සවස් කාලයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සමස්ත තරගයෙන් පන්දුවාර 100කට නොඅඩු සංඛ්‍යාවක් අහිමි වීමද එයට ප්‍රධාන සාධකයක් විය.


ශ්‍රී ලංකාව පළමු තරගයේදී ප්‍රධාන දඟ පන්දු යවන්නකු නොමැතිව තරගයට පිවිසි අතර ප්‍රභාත් ජයසූරිය අද තරගයට යොදා ගන්නවාද යන්න, වේග පන්දුවට හිතකර පාකිස්තානයේ අද තණතීරුවේ ස්වභාවය මත තීරණය වනු ඇත.


මෙම තරගය මෙම වසර තුළ කණ්ඩායම් දෙකටම හිමිවන අවසන් ටෙස්ට් තරගය වීම විශේෂත්වයකි. මෙම තරගය ජයග්‍රහණය කළහොත්, මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනෙහි 7වැනි ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තය පසු කරමින් අවම වශයෙන් 6වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අවස්ථාව පවතී. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10ට ඇරැඹීමට නියමිතය.

 

More News..