brand logo
logo
 කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

31 August 2026


හෝකන්දර, වනගුරු මාවත ප්‍රදේශයේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.


අත්අඩංගුවට ගෙන ඇත්තේ කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

 

More News..