වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක බදු ආදායමක්
19 September 2025 | සාලිය කුමාර ගුණසේකර
වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක බදු ආදායමක්
19 September 2025 | සාලිය කුමාර ගුණසේකර
ආනයනික වාහනවලින් රේගු දෙපාර්තමේන්තුව මේ වනවිට රුපියල් බිලියන 430 කට ආසන්න බදු ආදායමක් උපයා ඇතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවසීය.
වාහන ආනයනයෙන් රේගු දෙපාර්තමේන්තුව මේ වසරේදී රුපියල් බිලියන 450 ක ආදායමක් බලාපොරොත්තු වන බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
වාහන ආනයනය රජය විසින් තවමත් සීමාකර නොමැති නිසා වාහන ආනයනයෙන් රේගුවට උපයාගත හැකි බදු ආදායම රුපියල් බිලියන 450 ඉක්මවා යාමට හැකිවනු ඇතැයි ඔහු කීවේය.
විද්‍යුත් වාහන සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබාදීමට නියමිත තීරණයත් සමග එම වාහනයේ විද්‍යුත් මෝටරයේ ධාරිතාව සම්බන්ධයෙන් පවතින ගැටලුව විසඳෙනු ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

