පී.එච්.අයි සංගමයෙන් රතු එළියක්
07 November 2023 | වරුණි පෙරමුණ
පී.එච්.අයි සංගමයෙන් රතු එළියක්
07 November 2023 | වරුණි පෙරමුණ
මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වී ලබන අටවැනිදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දෙයි .
ඒ අනුව ලබන අට වැනිදා සිට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ලබාදෙන සියලුම වාර්තා අත්හිටුවීම සහ ප්‍රගති සමාලෝචන ඇතුළු සියලු රැස්වීම්වලට සහභාගිවීම අත්හිටුවීමට ක්‍රිය කරන බව එම ලිපියේ වැඩිදරටත් සඳහන් වේ.
ලබන පහළොස් වැනිදා සිට ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත්වීමටත්, ලබන විසි දෙවැනිදා සියලුම බෝවන රෝග පාලන කටයුතුවලින් ඉවත්වීමටත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු තීරණය කර ඇත.
එමෙන්ම ලබන දෙසැම්බර් මස පළමුවැනිදා දින සිට සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වී ලබන පහළොස් වැනිදා සිට පළාත් වශයෙන් උද්ඝෝෂණ පවත්වන බවත් එදිනම සෞඛ්‍ය අමාත්‍යංශයට ඉදිරිපිටට පාගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරතවන බවද එම ලිපියෙන් පෙන්වා දෙයි.
වර්තමාන ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මහජන සෞඛ්‍ය පරීක්ෂක පරිවර්තිත ගමන් වියදම් ඉහළ දැමීම යන මාතෘකාවෙන් පසුගිය මස දාසයවැනිදා සෞඛ්‍ය අමාත්‍යංශයට ලිපියක් යොමු කර තිබේ.
තවද පසුගිය දාසය වැනිදා අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රැකියා විස්තරයට විරෝධය දක්වමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග දැනුම් දිම යන මාතෘකාවෙන් යුක්ත ලිපිය සහ පසුගිය විසිපස්වැනිදා සිය ගැටලු සම්බන්ධව යොමු කළ ලිපියට සාධනීය විසදුම් ලබා නොදීම මත මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් ප්‍රකාශ කරයි .