චීන තානාපති මහනුවරදී මහා නායක හිමිවරුන් මුණගැසෙයි
18 October 2026 | කමල් සුරවීර-මහනුවර
චීන තානාපති මහනුවරදී මහා නායක හිමිවරුන් මුණගැසෙයි
18 October 2026 | කමල් සුරවීර-මහනුවර
මේ මස ඊයේ (17) වන දින මහනුවරට පැමිණි චීන තානාපති වෙයි හුවාෂියැං මහතා, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඤාණරතන මහා නායක ස්වාමීන් වහන්සේ සහ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල මහා නායක ස්වාමීන් වහන්සේ බැහැදැක සාකච්ඡා පවත්වන ලදී.
මෙම හමුවීම්වලදී, දෙපාර්ශ්වය අතර චීන - ශ්රී ලංකා බෞද්ධ සංස්කෘතික හුවමාරුව සහ ද්විපාර්ශ්වික ජනතා අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව පුළුල් හා ගැඹුරු සාකච්ඡා පවත්වන ලද අතර සංස්කෘතික හා අධ්යාපන කටයුතු පිළිබඳ උපදේශක ජී ලිලි මහත්මිය මෙම හමුවීම් සඳහා සහභාගී වූවාය.

