Best News Website award
brand logo
logo
දියේ ගිලීම් වැළැක්වීම සහ ජීවිත ආරක්ෂණය සඳහා පුළුල් ජාතික යාන්ත්‍රණයක්

දියේ ගිලීම් වැළැක්වීම සහ ජීවිත ආරක්ෂණය සඳහා පුළුල් ජාතික යාන්ත්‍රණයක්

22 November 2026

දියේ ගිලීම් හුදෙක් සමාජීය ගැටලුවක් පමණක් නොව, සම්බන්ධීකරණය වූ ජාතික ප්‍රතිචාරයක් අවශ්‍ය වන ප්‍රධාන මහජන ආරක්ෂක හා ජාතික ආරක්ෂක ගැටලුවක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා පෙන්වා දෙයි.


පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් දිවයින පුරා ජීවිත ආරක්ෂණ හැකියාවන් ශක්තිමත් කිරීමට තිරසාර හා විධිමත් බහු-විධ යාන්ත්‍රණයක් කඩිනමින් ස්ථාපිත කළ යුතු බව ඔහු අවධාරණය කළේය.


රට තුළ ඉහළ යමින් පවතින ජලය ආශ්‍රිත මරණ අවම කිරීම සහ ජීවිත ආරක්ෂණය ශක්තිමත් කිරීම සඳහා පුළුල් ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.


ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සභාපතිත්වයෙන් පත් කළ බහුපාර්ශ්වික කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සහ යෝජිත ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීම මෙහිදී සිදු විය.


වෙරළබඩ ප්‍රදේශ, කලපු, අභ්‍යන්තර ජලාශ සහ ජල මාර්ග ආශ්‍රිත අවදානම් කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කළ කමිටු නිර්දේශවල ප්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

නියමු ව්‍යාපෘතියක් ලෙස සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වෙරළබඩ ප්‍රදේශ සහ අභ්‍යන්තර ජලාශ ආශ්‍රිතව අධි අවදානම් කලාප දහය (10) බැගින් හඳුනාගෙන මූලික තක්සේරුවක් සිදු කිරීම.


හඳුනාගත් වැළැක්වීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පහසු කිරීම සඳහා තාක්ෂණික කාර්ය කණ්ඩායම් පහක් ස්ථාපිත කිරීම.

දියේ ගිලීම් වැළැක්වීමට වගකිවයුතු ආයතන අතර පවතින වගකීම් අතිච්ඡාදනය වීම් සහ දුර්වලතා මඟහරවා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සකස් කළ ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනය කෙරුණු අතර, සමස්ත යාන්ත්‍රණය අධීක්ෂණය කිරීමට විශේෂිත පාලන ආයතනයක් පිහිටුවීම පිළිබඳව ද සාකච්ඡා විය.


දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් සහ මහජන ආරක්ෂක කමිටුවල සක්‍රීය දායකත්වය ලබා ගැනීම.

පාසල් දරුවන්, තරුණ, ධීවර සහ සංචාරක ප්‍රජාවන් ඉලක්ක කරගත් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, ජල ආරක්ෂණ දැනුවත්භාවය ජාතික අධ්‍යාපන පද්ධතියේ විෂය බාහිර ක්‍රියාකාරකම්වල අනිවාර්ය අංගයක් ලෙස ඇතුළත් කිරීමටත් යෝජනා කෙරිණි.

 

More News..