හැටන් හැර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් අද විවෘත වේ
05 August 2026
හැටන් හැර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් අද විවෘත වේ
05 August 2026
පැවති අධික වර්ෂාපතනය සහ ආපදා තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපය හැර, තාවකාලිකව වසා දැමූ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල්, අද (05) සිට යළි විවෘත කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 9ක පවුල් 3,014කට අයත් පුද්ගලයින් 11,832 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත්, ආපදා අනතුරුවලින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
තවද, මෙම ආපදා නිසා එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තවත් නිවාස 290කට අර්ධ හානි සිදුව ඇති අතර, ඊයේ (04) සවස 6 වන විට නිකුත් කළ වාර්තාවලට අනුව සුරක්ෂිත මධ්‍යස්ථාන 51ක පුද්ගලයින් 3,538 දෙනෙකු තාවකාලිකව නවාතැන් ගෙන සිටී.

