brand logo
logo
ශිරාන් බාසික්ගේ පියාගෙන් CCIBය ප්‍රශ්න කරයි

ශිරාන් බාසික්ගේ පියාගෙන් CCIBය ප්‍රශ්න කරයි

11 September 2026

ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පියාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි.


ගම්පහ ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක රුපියල් කෝටි 3ක් පමණ වටිනා නිවසක් ශිරාන් බාසික් විසින් මිලදී ගෙන ඇති අතර එය ඔහුගේ පියාගේ නමින් මිලදී ගෙන ඇති බව අනාවරණය වී ඇත.


ඒ අනුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ශිරාන් බාසික්ගේ පියාහට අද(11) දිනයේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර තිබිණි.

 

More News..