brand logo
logo
කොම්පඤ්ඤවීදියේ මහල් නිවාස සංකීර්ණයකින් ව්‍යාපාරිකයෙකු ඇදවැටී මරුට

කොම්පඤ්ඤවීදියේ මහල් නිවාස සංකීර්ණයකින් ව්‍යාපාරිකයෙකු ඇදවැටී මරුට

08 November 2026


කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් ඇදවැටීමෙන් ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


අද (08) පෙරවරු 10.55ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බව වාර්තා වේ.


මෙලෙස මියගොස් ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංච සිටි 59 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.


ඔහු අදාළ ගොඩනැගිල්ලෙන් ඇදවැටුණා ද, නැතහොත් සියදිවි නසාගත්තාද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

More News..