මෙරට ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ආදායම වාර්තාගත ලෙස ඉහළට
15 April 2025
මෙරට ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ආදායම වාර්තාගත ලෙස ඉහළට
15 April 2025
මෙරට ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ආදායම ඉතිහාසයේ පළමුවරට ඇමරිකානු ඩොලර් බිලියනයක මට්ටම ඉක්මවා ගොස් තිබේ.
මහ බැංකුව සඳහන් කළේ නැව් සහ ගුවන් යානා ඉන්ධන සැපයුම් පරිමාවන් ඉහළ යාම ඊට ප්‍රධානම හේතුව බවයි.
රතු මුහුද ආශ්‍රිත නැව් ගමනාගමනයට ඇති වූ බාධාද එලෙස ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ආදායම ඉහළ යාමට හේතු වී තිබේ.
පසුගිය වසරේ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 12.8ක් ලෙස සටහන් වුණා.
එය 2023 වසරට සාපේක්ෂව 7.02%ක වර්ධනයක් බවයි වාර්තා වන්නේ