නව ප්‍රතිලාභීන් සඳහා අස්වැසුම දීමනාව ගෙවීම නොවැම්බර් 27 සිට
15 November 2026
නව ප්‍රතිලාභීන් සඳහා අස්වැසුම දීමනාව ගෙවීම නොවැම්බර් 27 සිට
15 November 2026
අලුතින් හඳුනාගත් ප්‍රතිලාභීන් සඳහා අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ගෙවීම් නොවැම්බර් 27 වන දින ආරම්භ වන බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
නව ප්‍රතිලාභීන් ලැයිස්තුව සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ අවසාන දිනය අදින් අවසන් වන බවයි එම මණ්ඩලය සදහන් කරයි.
සංශෝධිත ලැයිස්තුව යටතේ සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය දැනට සිදුවෙමින් පවතී.
ප්‍රාදේශීය ලේකම්වරුන් අභියාචනා සහ විරෝධතා සමාලෝචනය කිරීම ආරම්භ කරන බවත්, එම ක්‍රියාවලිය සඳහා මාසයක් වෙන් කර ඇති බවයි සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.


