brand logo
logo
තම අයිතිවාසිකම් ලබා දෙන ලෙස බල කරමින් වතුකරයේ ළමුන් පා ගමනක

තම අයිතිවාසිකම් ලබා දෙන ලෙස බල කරමින් වතුකරයේ ළමුන් පා ගමනක

04 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


තම අයිතිවාසිකම් ලබා දෙන ලෙස, මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කරන ලෙස සහ තම ආරක්ෂාව සහතික කරන ලෙස ඉල්ලමින් වතුකරයේ ළමුන් පිරිසක් අද (04) දින හැටන් නගරයේ පා ගමනක නිරත විය.


ලෝක ළමා දින උත්සවයට සමගාමීව කදුකරයේ ක්‍රීයාකාරි රාජ්‍ය නොවන සංවිධානයක් මගින් මෙම පා ගමන සංවිධානය කර තිබූ අතර, මෙම පා ගමනට හැටන් ප්‍රදේශයේ වතු 36ක ළමුන් එක් වී සිටියහ.


හැටන් පොලිසිය අසළින් ආරම්භ කල පා ගමන හැටන් නගර මධ්‍යෙයන් හැටන් මල්ලිඅප්පු මංසන්ධිය දක්වා ගමන් කෙරිණ.

 

More News..