කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය සංඥා බිඳවැටෙයි
06 November 2026
කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය සංඥා බිඳවැටෙයි
06 November 2026
මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ධාවනය ප්‍රමාද වී සිදුවන බව වාර්තා වේ.
අද (06) පස්වරුවේ කොළඹ නගරයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මෙම සංඥා පද්ධතියේ බිඳවැටීම සිදුව ඇති බව සඳහන් වේ.
මේ හේතුවෙන් සියලුම දුම්රිය මාර්ගවල ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව වාර්තා වේ.
මේ අතර, කොළඹ නගරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී තිබේ.
ඒ හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ.
අද පස්වරුවේ සිට ඇති වූ අධික වැසි තත්ත්වයත් සමඟ දුම්රිය ගමනාගමනයට මෙන්ම මාර්ග ප්‍රවාහන කටයුතුවලට ද මෙලෙස බාධා එල්ල වී තිබේ.

