රට රැකියා සිහින පෙන්වා කෝටි ගාණක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
02 October 2026
රට රැකියා සිහින පෙන්වා කෝටි ගාණක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
02 October 2026
නවසීලන්තයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 3ක මුදලක් වංචා කළ සැකකරුවෙකු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සමත් වී තිබේ.
අදාළ පුද්ගලයා කාන්තා, පිරිමි දෙපාර්ශවයට රැකියා අවස්ථා ලබා දෙන බවට පවසා ඔවුන් සමග ගිවිසුම් ද අත්සන් කර ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මොහු කලක පටන් විමර්ශන ඒකකය මගහරිමින් සිටි සැකකරුවෙකු බවද කාර්යාංශයේ විමර්ශන ඒකකය පැවසීය.
රැකියා සඳහා විදේශගත වීමේදී ලියාපදිංචි නොවූ විදේශ රැකියා ආයතන වෙත කිසිදු පුද්ගලයෙකු තම තොරතුරු, මුදල් හෝ ගමන් බලපත්‍ර ලබා දීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

