ජැෆ්නා කිංග්ස් අවසන් සටනට
05 August 2026
ජැෆ්නා කිංග්ස් අවසන් සටනට
05 August 2026
ගෝල් ගැලන්ට්ස් ලකුණු 14කින් පරාජය කර මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (5) සමත් විය.
මෙය ඔවුන් LPL ඉතිහාසයේ අවසන් තරගයකට සුදුසුකම් ලැබූ 5වන අවස්ථාව වේ.
අවසන් තරගයට සුසුකම් ලැබීමේ පළමු තරගය (Qualifier 1) ලෙසින් මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙහිදී ජැෆ්නා කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 243ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ගෝල් කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුකුණු 228ක් පමණි.
ජැෆ්නා ඉනිම දැවැන්ත ලකුණු පුවරුවක් දක්වා ඔසවා තැබූ කමිල් මිශාර පන්දු 55කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 108ක් රැස්කිරීමට සමත් විය. ඔහුගේ ඉනිම හයේ පහර 7කින් හා හතරේ පහර 10කින් වර්ණවත් විය.
මෙය කමිල් රැස්කළ පළමු විස්සයි20 ශතකය ලෙස වාර්තා අතරට එක්විය.
ඊට අමතරව එම කණ්ඩායම වෙනුවෙන් Khawaja Nafay ලකුණු 54ක් හා තව්හිද් රිදෝයි නොදැවී ලකුණු 54ක් රැස්කළහ.
ජැෆ්නා කණ්ඩායම මෙහිදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 242ක් රැස්කළ අතර, එය එල්.පී.එල්. ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.

