පෑලියගොඩ රේගු ගුදමකින් රුපියල් කෝටි 18කට අධික හෂීෂ් තොගයක් සොයාගැනේ
26 November 2026
පෑලියගොඩ රේගු ගුදමකින් රුපියල් කෝටි 18කට අධික හෂීෂ් තොගයක් සොයාගැනේ
26 November 2026
පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි රේගු ගුදමක තිබී රුපියල් කෝටි 18කට අධික වටිනාකමකින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් සොයාගෙන තිබේ.
මැලේසියාවේ සිට මෙරටට එවා තිබූ පාර්සල් තුනක සූක්ෂම ලෙස සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදුකළ විශේෂ පරීක්ෂාවකදී සැකකටයුතු පාර්සල් කිහිපයක් හඳුනාගෙන තිබේ. අනතුරුව, එම පාර්සල් භාරගැනීමට පැමිණෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් ඒවා රඳවා තැබීමට නිලධාරීන් පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, නියමිත කාලසීමාව තුළ කිසිවෙකුත් එම පාර්සල් භාරගැනීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරියේ ඒවා විවෘත කර පරීක්ෂා කර තිබේ.
එහිදී හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18.193ක් සොයාගෙන ඇති අතර, එහි ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් 181,930,000ක් බව රේගුව සඳහන් කරයි.
මූලික රේගු විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.


