පාකිස්තානයට එරෙහිව කමිඳු මෙන්ඩිස්ගෙන් මංගල එක්දින ශතකයක්
31 October 2026
පාකිස්තානයට එරෙහිව කමිඳු මෙන්ඩිස්ගෙන් මංගල එක්දින ශතකයක්
31 October 2026
තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව අද (31) පැවැත්වෙන තරගයේදී සිය එක්දින ක්රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් විය.
එහිදී පන්දු 107කදී ලකුණු 103ක් රැස්කරගනු ලැබුවේ හතරේ පහරවල් 10ක් සහ එක් හයේ පහරක් සමගිනි.
තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ ආරාධනාවෙන් ප්රථමයෙන් පන්දුවට පහර දෙන ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 35ක් තුළ කඩුලු 02ක් දැවී ලබා සිටින ලකුණු සංඛ්යාව 194කි.
මෙම තරගය පැවැත්වෙන්නේ, ලහෝර්හිදීය.

