brand logo
logo
විදුලි සංදේශ රැහැන්වලට හානි කිරීම ගැන පොලීසියෙන් නිවේදනයක්

විදුලි සංදේශ රැහැන්වලට හානි කිරීම ගැන පොලීසියෙන් නිවේදනයක්

08 December 2025


පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල නිරාවරණයවී ඇති විදුලි සංදේශ රැහැන්වලට හානි කිරීම හා කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවන බව පොලීසිය පවසයි.


මෙම තත්ත්වය සන්නිවේදන පහසුකම් කඩිනමින් යථාවත් කිරීමේ කාර්යයට දැඩි ලෙස බලපා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.


මේ හේතුවෙන් අදාළ සන්නිවේදන රැහැන්වලට හානි කිරීම ඒවා කපා ඉවත් කිරීම, ළඟ තබා ගැනීම හෝ පද්ධතිවලට හානි සිදුකිරීම නොකරන ලෙසත් එවැනි ක්‍රියා සිදුකිරීම දඩුවම් ලැබිය හැකි බවත් පොලීසිය පෙන්වා දෙයි.


මෙවැනි ක්‍රියා සිදුකිරීම සම්බන්ධව තොරතුරු වාර්තා වන්නේ නම් ඒ පිළිබදව ළඟම ඇති පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පොලිසිය පැවසීය.


එමෙන්ම යම් ආපදාවලට ලක්වු මාර්ගයක් නැවත සකස් කරන අවස්ථාවකදී මෙවැනි භූගත විදුලි සංදේශ රැහැන් නිරීක්ෂණය වන්නේ නම් අදාළ ආයතන වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස ද පොලීසිය පවසයි.

 

More News..