තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්
20 October 2026
තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්
20 October 2026
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලටත් අනුරාධපුර දිස්ත්රික්කයටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද (20) සවස් කාලයේ සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, අදාළ ප්රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වීමේ හැකියාව පවතී.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය විසින් නිකුත් කර ඇති මෙම අවවාදාත්මක නිවේදනය හෙට (21) පස්වරු 3.30 දක්වා වලංගු වේ.

