brand logo
logo
රුමේෂ්ගේ හෙල්ල කැඩුන සිද්ධියට Turkish Airlines කණගාටුව පළ කරයි

රුමේෂ්ගේ හෙල්ල කැඩුන සිද්ධියට Turkish Airlines කණගාටුව පළ කරයි

16 September 2026


ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග මහතා දිවයිනට පැමිණීමේ දී ඔහුගේ ක්‍රීඩා උපකරණ වලට සිදුව ඇති හානිය පිළිබඳව Turkish Airlines ආයතනය සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.


ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.


ඊයේ (15) දිනයේ දී මෙම සිදුවීම සම්බන්ධයෙන් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ Turkish Airlines ආයතනයේ නියෝජිතයින් පිරිසක් අතර පැවති හමුවේදී අදාළ ආයතනයේ නිලධාරීන් මෙලෙස සිය කනගාටුව පළ කර ඇත.


මෙහිදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ආයතනික විමර්ශන කටයුතු සිදුකිරීමට හා එම හානිය පිළිබඳව නිසි ඇගයීමක් සිදුකරන ලෙස අදාළ හානිය කඩිනමින් ප්‍රතිපූරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් තීරණය විය.


ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ ඔසවා තබමින් හෙල්ලයෙන් ලොවක් ජයගත් රුමේෂ් තරංග හංගේරියාවේදී පැවති වර්ල්ඩ් ඇත්ලටික් අල්ටිමේට් චැම්පියන්ෂිප් තරගාවලියෙන් පසුව ඊයේ (15) අලුයම යළි දිවයිනට පැමිණියේය.


කෙසේ වෙතත් ඔහු තරග සඳහා භාවිත කළ හෙල්ල පහම ගුවන් යානයේදී සම්පූර්ණයෙන්ම කැඩීගොස් තිබීම කාගෙත් අවධානයට ලක්වුණි.


රුමේෂ් තරංග තරග සඳහා රැගෙන ගිය හෙල්ල 5ම ගුවන් යානයේදී සම්පූර්ණයෙන්ම කැඩීගොස් තිබුණි.


ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ වන බව වාර්තා වුණි. 


 

More News..