brand logo
logo
පුළුල් කළ යුතු පාලම් 263 ක් හඳුනාගනී

පුළුල් කළ යුතු පාලම් 263 ක් හඳුනාගනී

12 July 2023

මෙරට ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263 ක් හඳුනාගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 


එහි අධ්‍යක්ෂ ජනරාල් සර්දා වීරකෝන් සඳහන් කළේ එම පාලම් පුළුල් කිරීමට රුපියල් බිලියන 15.3 ක් ඇස්තමේන්තු කර ඇති බවයි.


මීට අමතරව අබලන් තත්ත්වයේ පවතින පාලම් 135 ක් ද හඳුනාගෙන තිබේ. 


ඒවා ප්‍රතිසංස්කරණයට අවශ්‍ය මුදල රුපියල් මිලියන 12.3 ක් බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය. 


පාලම් ප්‍රතිසංස්කරණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලීම් කර ඇති බව ද ඔහු පැවසීය. 

 

More News..