Best News Website award
brand logo
logo
කුසල් මෙන්ඩිස්ගේ ආලේඛ්‍ය ඡායාරූපයක් SSC ක්‍රීඩා මණ්ඩපයේදී නිරාවරණය කෙරේ

කුසල් මෙන්ඩිස්ගේ ආලේඛ්‍ය ඡායාරූපයක් SSC ක්‍රීඩා මණ්ඩපයේදී නිරාවරණය කෙරේ

28 November 2026


ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කුසල් මෙන්ඩිස්ට උපහාර පිදීමක් වශයෙන්, ඔහුගේ ආලේඛ්‍ය ඡායාරූපයක් ඔහු නියෝජනය කරන SSC ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා මණ්ඩපයේදී විවෘත කර ඇත.


මෙම උත්සව අවස්ථාව සඳහා හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ මෙන්ම SSC ක්‍රීඩා සමාජයේ නිලධාරීන්ගේ ද සහභාගීත්වය හිමිව තිබේ.


මීට පෙර දුලිප් මෙන්ඩිස්, අර්ජුන රණතුංග, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ දිමුත් කරුණාරත්න යන හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයන් වෙත ද මෙම ගෞරවය පුද කර ඇත.


ඒ අනුව, SSC ක්‍රීඩා සමාජයේදී මෙම ඇගයීමට පාත්‍ර වූ සයවැනි ක්‍රීඩකයා බවට කුසල් මෙන්ඩිස් පත්ව සිටී.

එමෙන්ම, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ක්‍රිකට් නායකයන් පිරිසක් බිහි කළ ක්‍රීඩා සමාජය ලෙස ද SSC ක්‍රීඩා සමාජය වාර්තා පොතට එක්ව ඇත.

 

More News..