brand logo
logo
ජනවාරියේ සිට වාහන 73,400ක් ලියාපදිංචි කරලා

ජනවාරියේ සිට වාහන 73,400ක් ලියාපදිංචි කරලා

19 June 2025 | නිර්මාණි තිලකසිරි

වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු පසුගිය ජනවාරි මස සිට මේ දක්වා කාලසීමාවේදී හැත්තෑ තුන්දහස් හාරසීයකට (73,400) අධික වාහන ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පැවසීය.


ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි වන අතර එම සංඛ්‍යාව පනස්අටදහස් නවසිය හතළිස් හතකි (58,947).


ඊට අමතරව මෝටර්රථ හත්දහස් පන්සීයක් (7,500) සහ ත්‍රිරෝද රථ එක්දහස් හයසිය හැටහයක් (1,666) අදාළ කාලසීමාවේදී ලියාපදිංචි කර තිබේ.


මෙලෙස ලියාපදිංචිය ලබාගන්නා වාහන සංඛ්‍යාව මාසිකව ක්‍රමයෙන් ඉහළගොස් ඇති බව පෙන්වා දුන් කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ වැඩිම වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ පසුගිය මැයි මසයේදී බවයි. එලෙස මැයි මසදී ලියාපදිංචිය ලබාගත් වාහන සංඛ්‍යාව දහඅට දහසකි (8,000).


තවද පසුගිය ජනවාරි මසදී වාහන එකොළොස් දහස් හාරසිය හැටහතරක් (11,464), පෙබරවාරි මසදී වාහන දොළොස්දහස් හත්සිය දහතුනක් (12,713), මැයි මසදී වාහන දහතුන් දහස් දෙසිය අසූහතක් (13,287) මෙන්ම අප්‍රේල් මස වාහන දාහත්දහස් පන්සිය අසූපහක් (17,585) ලියාපදිංචිය ලබාගෙන ඇති බව ද ඒ මහතා අනාවරණය කළේය.

 

More News..