brand logo
logo
විශ්වාසය, වර්ධනය සහ පරිවර්තනය සමගින් ගොඩනැගුණු වසර 55 ක එල්බී ෆිනෑන්ස් අභිමානය

විශ්වාසය, වර්ධනය සහ පරිවර්තනය සමගින් ගොඩනැගුණු වසර 55 ක එල්බී ෆිනෑන්ස් අභිමානය

08 October 2026

විශ්වාසයෙන් පරිවර්තනීය යුගයක් සනිටුහන් කළ එල්බී ෆිනෑන්ස් සිය වර්ධන ගමන්මගේ 55 වැනි වියට පා තබයි


එල්බී ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෙම වසරේදී සිය වර්ධනීය ගමන්මගේ වසර 55 ක් සපුරයි. වසර ගණනක් පුරා එම සමාගම පරම්පරා ගණනක ආයෝජන විශ්වාසය හිමිකර ගන්නා අතරම, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට අතහිත දෙමින් ද, ව්‍යවසායිකාවන් බලගන්වමින් ද මෙරට ව්‍යාපාරික හා වැඩකරන ජනතාවගේ දියුණුව වෙනුවෙන් සිය නොමඳ දායකත්වය ලබා දී තිබේ. 


රථවාහන ලීසිං, මුල්‍යකරණ සේවා, රන් ණය, නිවාස ණය, අධ්‍යාපන ණය, පුද්ගලික ණය, ණය සාධනය, කාරක ප්‍රාග්ධන ණය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු ඇතුළු විවිධාංගීකරණය වූ මුල්‍ය විසඳුම් පෙළක් එල්බී ෆිනෑන්ස් සමාගම පිරිනමයි. තවද ලියකියවිලිවලින් තොරව මුල්‍ය සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් හඳුන්වා දී ඇති 'එල්බී සන්මිත' ණය පහසුකම තවදුරටත් පුළුල් කිරීමට ද එම සමාගම අවධානය යොමුකර තිබේ. ඊට අමතරව, ඉස්ලාමීය මුල්‍ය සේවා ඇතුළු විකල්ප මුල්‍ය විසඳුම් රැසක් ද එල්බී ෆිනෑන්ස් සමාගම පිරිනමයි. 


එල්බී ෆිනෑන්ස් යනු මෙරට බැංකු නොවන මුල්‍ය ආයතන අතර විශාලතම බදු දායකත්වය ලබා දෙන සමාගමයි. ජාතික ආදායම් උත්පාදනයට සහ ආර්ථික සංවර්ධනයට එම සමාගමේ ඇති වැදගත්කම මෙමගින් වඩාත් පැහැදිලි වේ. සමාගමේ අඩු පිරිවැයට-ආදායම් අනුපාතය මගින් මෙහෙයුම් කාර්යක්ෂමතාව පිළිබිඹු කෙරෙන අතර, පුළුල් ශාඛා ජාලය සහ 5,000 ක් ඉක්මවූ ශ්‍රම බලකාය මගින් සමාගමේ ශක්තිය මනාව විදහා පායි. එල්බී ෆිනෑන්ස් සමාගම කොළඹ ප්‍රදේශයට පමණක් සීමා නොවූ සමාගමක් ලෙස, දිවයින පුරා රැකියා උත්පාදනය සඳහා දායකත්වය ලබා දෙන සමාගමක් ලෙස සිය නාමය සනිටුහන්කර තිබේ. 2026 ජුනි මාසය අවසන්වන විට සමූහයේ සමස්ත වත්කම් අගය රු. බිලියන 450 ඉක්මවා තිබූ අතර, සමාගමේ අඛණ්ඩ වර්ධනය සහ ශක්තිමත් මුල්‍ය තත්ත්වය එමගින් නිරූපණය වේ. 

ඩිජිටල් පරිවර්තනය, එල්බී ෆිනෑන්ස් ගමන්මගේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි. LB CIM පහසුකම එම පරිවර්තනීය වෙනස සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය. ඩිජිටල් ඩෙබිට් කාඩ්පත, Tap-to-Pay සහ AI තාක්ෂණය මත පදනම් වූ ඩිජිටල් ණය පහසුකම් ආදී නවෝත්පාදන සේවා රැසක් LB CIM හරහා හඳුන්වා දීමට සමාගමට හැකි විය. 2026 LankaPay Technnovation සම්මාන උළෙලේදී එල්බී ෆිනෑන්ස් සමාගමට වසරේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවුම් විසඳුමට හිමි සම්මානය ඇතුළු සම්මාන රැසක් හිමි වූයේ, ඩිජිටල් ගෙවීම්, මුල්‍ය අන්තර්කරණය සහ පාරිභෝගික පහසුව තුළ විදහා පෑ විශිෂ්ටත්වය ඇගයුමට ලක් කරමිනි. තවද. AI තාක්ෂණය මත පදනම් වූ පුද්ගලික ණය පහසුකම සඳහා, 2026 ජාතික AI සම්මාන උළෙලේදී බැංකුකරණ, මුල්‍ය සහ රක්ෂණ අංශයේ විශිෂ්ටතම AI විසඳුමට හිමි රිදී සම්මානය හිමිකර ගැනීමට ද එල්බී ෆිනෑන්ස් සමාගම සමත් විය. ඩිජිටල් නවෝත්පාදනය සහ මුල්‍ය විසඳුම් සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම සඳහා එම සමාගම පෙන්නුම් කරන අඛණ්ඩ කැපවීම එමගින් තවදුරටත් තහවුරු කෙරිණි.

එල්බී ෆිනෑන්ස් ගමන්මග ශ්‍රී ලංකාවට පමණක් සීමා වූයේ නැත. 2017 වසරේදී LB Microfinance Myanmar සමාගම මියන්මාරයේ පිහිටුවමින් එම සමාගම පළමු වරට විදේශීය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ අතර එතැන් සිට මේ දක්වා එය ශාඛා 20 ක් දක්වා වර්ධනය වී තිබේ. අග්නිදිග ආසියාවේ වර්ධන ගමන්මගේ තවත් පියවරක් ලෙස 2026 වසරේදී පිලිපීනයේ ද මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය අංශ ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ, Multi Finance PLC සමාගම අත්කර ගනිමින් එල්බී ෆිනෑන්ස් සමාගම මෙරට මුල්‍ය සේවා ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා සිය දායකත්වය ලබා දුන්නේය. ඒ අතර, Associate Motor Finance Company PLC (AMF) සමාගම අත්කර ගැනීමත් සමග එල්බී ෆිනෑන්ස් සමාගමේ යතුරුපැදි ලීසිං අංශය තවදුරටත් ශක්තිමත් විය. 


ශක්තිමත් පරිපාලනය, අනුකූලතාව සහ මුල්‍ය විනය එල්බී ෆිනෑන්ස් සමාගමේ පදනමයි. A-(lka) ජාතික දිගුකාලීන ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් ද, Lanka Rating Agency (LRA) ආයතනයේ A+ ස්ථාවර ණය ශ්‍රේණිගත කිරීමක් ද එල්බී ෆිනෑන්ස් සමාගම සතු වේ. 


ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) විසින් සංවිධාන කරනු ලබන TAGS වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ආයතනික වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් එල්බී ෆිනෑන්ස් සමාගම ඇගයුමට පාත්‍ර වී තිබේ. ඒ අනුව, 60 වැනි TAGS වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී එම සමාගම ආයතනික වාර්තාකරණය, විනිවිදභාවය සහ වගවීම වෙනුවෙන් 8 වැනි වරටත් මුල්‍ය සහ ලීසිං අංශයේ රන් සම්මානය හිමිකර ගත්තේය. 


යුරෝපයේ සංවර්ධන මුල්‍ය ආයතනවල මෙන්ම බලපෑම්සහගත ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කර ගනිමින් එල්බී ෆිනෑන්ස් සමාගම Norfund, Swedfund, BlueOrchard Finance, Enabling Qapital සහ responsAbility Investments AG යන ආයතන හරහා විදේශීය අරමුදල් සම්පාදනය කර ගැනීමට සමත් විය. මෙම හවුල්කාරිත්ව හරහා, දිගුකාලීන අරමුදල් ශක්තිමත් කර ගන්නා අතරම, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ අංශවල ණය ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට ද සමාගමට හැකි විය. 

පාරිසරික තිරසාරත්වය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ජීවනෝපාය යන අංශ තුළ එල්බී ෆිනෑන්ස් සමාගම සිය ප්‍රජා සත්කාරක වැඩසටහන් දියත් කරයි. පාරිසරික ප්‍රතිෂ්ඨාපනය, කාන්තා සවිබල ගැන්වීම, තිරසර ජීවනෝපාය වැඩසටහන් සහ අවධානයට ලක්විය යුතු ප්‍රජාව නගාසිටුවීම එම ක්‍රියාකාරකම් අතර කැපී පෙනෙයි. තවද, ස්වභාවික ආපදා හේතුවෙන් බලපෑමට ලක්ව සිටින ප්‍රජාව යළි සාමාන්‍ය ජන ජීවිතය ගත කළ හැකි මට්ටමට ගෙන ඒම සඳහා ද එල්බී ෆිනෑන්ස් සමාගම වැඩසටහන් රැසක් දියත් කරයි. 

සිය ESG ක්‍රමෝපායික සැලසුමට අනුව එල්බී ෆිනෑන්ස් සමාගම තිරසර සහ වගකීම්සහගත ව්‍යාපාර කෙරෙහි දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් සිටී. 2026 වසරේදී එම සමාගම 2030 වසර දක්වා තිරසර ඉලක්ක ඇතුළත් කරමින් ESG මාර්ග සිතියම 2.0 හඳුන්වා දීමට කටයුතු කළේය. තවද, ISO 14001:2015 පාරිසරික කළමනාකරණ පද්ධති සහතිකය හිමිකර ගත් මෙරට ප්‍රථම බැංකු නොවන මුල්‍ය සමාගම බවට පත් වීමට ද එම සමාගම සමත් වූයේය. තවද, පාරිසරික වගකීම සහ තිරසර වර්ධනය වෙනුවෙන් දක්වන කැපවීම පිළිබිඹු කරමින් එම සමාගම, දකුණු ආසියාවේ ප්‍රථම කාබන් උදාසීන වාර්ෂික වාර්තා ක්ෂුද්‍ර අඩවිය හඳුන්වා දීමට ද කටයුතු කළේය. 


"අපගේ වසර 55 ක ගමන්මගේ පදනම වූයේ පාරිභෝගිකයින්ගේත්, කාර්යමණ්ඩල සාමාජිකයින්ගේත්, කොටස්හිමියන්ගේත්, පාර්ශ්වකරුවන්ගේත් විශ්වාසයයි. ඩිජිටල් පරිවර්තනය තවදුරටත් ශක්තිමත් කිරීම, අපගේ හැකියා වැඩිදියුණු කිරීම සහ අපගේ පාරිභෝගිකයින් හා ආයෝජකයින් හට ඉහළ අගයක් නිර්මාණය කිරීම අපගේ ඉදිරි ගමනේ ප්‍රධාන ඉලක්කවනු ඇත. අග්නිදිග ආසියානු වෙළෙඳපොළ තුළ අපගේ නාමය තවත් ශක්තිමත් කිරීම තුළින් කළාපය තුළ නව වර්ධන අවස්ථා අත්කර ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත. ඉගෙනුම්, පුහුණු, උපදේශන සහ නායකත්ව අවස්ථා තුළින් නොසැලෙන තරුණ වෘත්තිකයින් පිරිසක් ගොඩනැගීම ද අපගේ ප්‍රමුඛ අරමුණකි. වගකීම්සහගත වර්ධනය, සවිමත් පරිපාලනය සහ අනාගතවාදී මුල්‍ය ආයතනයක් ලෙස පාරිභෝගික ප්‍රවේශය පුළුල් කිරීම වෙනුවෙන් අප අඛණ්ඩව කැප වනවා," යනුවෙන් එල්බී ෆිනෑන්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මහතා සඳහන් කළේය. 


දශක ගණනක් පුරා එල්බී ෆිනෑන්ස් ගමන්මගේ නොසැලෙන පාර්ශ්වකරුවන් බවට පත් වූ පාරිභෝගිකයින්ටත්, ආයෝජකයින්ටත් ඉහළම ප්‍රමිතියෙන් යුතු සේවා සහ මුල්‍ය විසඳුම් පිරිනැමීම සඳහා කැපවන අතරම, මෙතෙක් ගොඩනගාගෙන ඇති සබඳතා, හැකියා සහ අත්දැකීම් තවදුරටත් සවිමත්කර ගැනීම එල්බී ෆිනෑන්ස් සමාගමේ අරමුණයි.

 

More News..