brand logo
logo
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවති 'අයන් අයිලන්ඩ්' තරගය කොළඹ සිටි සෙන්ටර්හිදී

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවති 'අයන් අයිලන්ඩ්' තරගය කොළඹ සිටි සෙන්ටර්හිදී

18 September 2026


කොළඹ සිටි සෙන්ටර් සාප්පු සංකීර්ණ රථ වාහන නැවතුම්පොළ, ක්‍රීඩාංගණයක් බවට පත්කරමින් ප්‍රථම වරට පැවැති 'අයන් අයිලන්ඩ්' තරගාවලියේදී පිරිමි විවෘත යුගල අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට Ben Morris and Matt Browne සමත් වූ අතර කාන්තා විවෘත අංශයේ ජය Charlotte Towse and Giulia Killer හිමිකර ගත්හ. මිශ්‍ර යුගල අංශය ජයග්‍රහණය Omed Pharmaceuticals කණ්ඩායම නියෝජනය කළ කාංචන සහ දිනිති සතු විය.


අයන් අයිලන්ඩ් සහ ද ස්පෝර්ට්ස් මැනේජර් එල්කේ (TSM) එකතුවෙන් සංවිධාන කළ තරගාවලියේදී ශක්තිය විඳදරාගැනීම කණ්ඩායම් සහයෝගිතාව සහ මානසික ස්ථාවරත්වය අභියෝගයට ලක් කළ තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160ක් සහභාගි විය.


වාහන නැවතුම්පොළක් ක්‍රීඩා පරිසරයකට අනුවර්තනය කළ මෙම තරගවලදී පිරිමි විවෘත යුගල අංශයේ දෙවැනි ස්ථානය Andrew Anton සහ Umesh Basnatake දිනා ගනිද්දී, තෙවැනි ස්ථානය දිල්ෂාන් ජයරත්න සහ දීඝායු ශ්‍රීවිකුම් දිනා ගත්හ.


කාන්තා විවෘත යුගල අංශයේ දෙවැනි ස්ථානය Lizzie Chitty සහ ශෙහාරා දි සිල්වා විසින් ද තෙවැනි ස්ථාන නෙත්මා සහ Athulta විසින් ද දිනා ගන්නා ලදී.


Kantop Legacy කණ්ඩායම නියෝජනය කළ රුෂිනි සහ රශ්මිත මිශ්‍ර යුගල අංශයේ දෙවැනි ස්ථානය දිනාගත් අතර තෙවැනි ස්ථානය Packwell Lanka කණ්ඩායමේ අමන්දා සහ මල්ශාන් සතු විණි.

 

More News..