ආපදා කළමනාකරණය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
ආපදා කළමනාකරණය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
ආපදා කළමනාකරණය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනා
JICA ප්‍රදානයක් ලෙස ලැබුණු, නිරවද්‍යතාවයෙන් ඉහළ කාලගුණ පුරෝකථනයන් සඳහා නවීන ඩොප්ලර් රේඩාර් පද්ධතිය ස්ථාපනය කිරීම 2027 වසරේ ආරම්භ කෙරේ.
ආපදා අවස්ථාවලදී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂිත මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට රු. මිලියන 1,000ක්
පූර්ව අනතුරු ඇඟවීම ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය ආපදා ප්‍රතිචාර උපකරණ ලබා දීම සඳහා රු. මිලියන 500ක්.
දිවයින පුරා ක්‍රියාත්මක ඩිජිටල් ගුවන්විදුලි සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමට රු. මිලියන 670ක්.
දැනට පවතින වෙරළ ආශ්රිත පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 77ක් ප්‍රතිසංස්කරණය කිරීම හා දිස්ත්‍රික්ක 25හි ගංවතුර, නායයෑම් සහ සුනාමි අවදානම් සහිත ප්‍රදේශ ආවරණය වන පරිදි නව ගොඩබිම් කුළුණු 120ක් ඉදිකිරීමට සහ බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමට රු. මිලියන 500ක්.
ඉහත යෝජනා ද ඇතුළත්ව නව ආපදා කළමනාකරණ ව්‍යාපෘති 13ක් සඳහා රු. මිලියන 2,900ක්.


