දිවයිනේ ප්‍රධාන රෝහල් 5කට නව අධ්‍යක්ෂවරු පත් කෙරේ
03 November 2026
දිවයිනේ ප්‍රධාන රෝහල් 5කට නව අධ්‍යක්ෂවරු පත් කෙරේ
03 November 2026
දිවයිනේ ප්‍රධාන රෝහල් 5ක් සඳහා නව අධ්‍යක්ෂවරු පත්කර තිබේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම පත්කිරීම් සිදුකර ඇති අතර ඊට අදාළ නිල පත්වීම් ලිපි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ප්‍රදානය කර ඇති බව සඳහන් වෙයි.
කළුබෝවිල, රාගම, මඩකලපුව, පේරාදෙණිය යන ශික්ෂණ රෝහල් 4 සඳහා මෙන්ම රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා ද නව අධ්‍යක්ෂවරුන් පත්කර තිබේ.
ඒ අනුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ නව අධ්‍යක්ෂවරිය ලෙස වෛද්‍ය ඩබ්ලිව්.එම්.යූ.එස්. විජේමාන්න මහත්මියත්, රාගම ශික්ෂණ රෝහලේ නව අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය ඩී.ඒ.කේ. පෙරේරා මහතාත්, මඩකලපුව ශික්ෂණ රෝහලේ නව අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය ජී. සුකුනන් මහතා සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය ඩබ්ලිව්.එම්.සී.එම්. විජේසිංහ මහතා පත්කර තිබේ.
එමෙන්ම රිජ්වේ ආර්යා ළමා රෝහලේ නව අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය ඩබ්ලිව්.ඒ.පී.පී. රත්නසේකර මහතා පත්කර ඇති බව සඳහන් වෙයි.

