brand logo
logo
ආරක්ෂක හා රාජ්‍ය ලේකම්වරුන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා ධවල මන්දිරය ප්‍රතික්ෂේප කරයි

ආරක්ෂක හා රාජ්‍ය ලේකම්වරුන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා ධවල මන්දිරය ප්‍රතික්ෂේප කරයි

06 November 2026


අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් හා රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ එම තනතුරුවලින් ඉවත්වීමේ සූදානමක් පවතින බවට පළ වන වාර්තා ධවල මන්දිරය ප්‍රතික්ෂේප කර තිබේ.


රිපබ්ලිකන් පක්ෂයට මධ්‍යවාර මැතිවරණයේදී මුහුණදීමට සිදුවු පරාජය හමුවේ ඔවුන් දෙදෙනා තනතුරුවලින් ඉවත් වන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.


ඉරානයට එරෙහිව ගත් යුධමය ක්‍රියාමාර්ග රිපබ්ලිකන් පක්ෂයේ මැතිවරණ පරාජයට ප්‍රබල හේතුවක් ලෙස විශ්ලේෂකයින් පෙන්වා දී තිබු අතර එම යුධමය ක්‍රියාමාර්ගයට අදාල තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රධානීන් දෙදෙනෙකු ලෙස ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් හා රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ කටයුතු කළේය.


මෙම තත්ත්වය තුල මැතිවරණයෙන් පසු සිදුවිය හැකි සංශෝධනවලදී ඔවුන් දෙදෙනා ධූරවලින් ඉවත්වනු ඇති බව මාධ්‍ය වාර්තා පළ වී ඇත.


කෙසේවෙතත් එය ධවල මන්දිරය මෙන්ම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ද ප්‍රතික්ෂේප කර තිබේ.

 

More News..