brand logo
logo
දුම්රියයක් හා ත්‍රීරෝදරථයක් ගැටී ත්‍රීරෝදරථ රියදුරු  ජීවිතක්ෂයට

දුම්රියයක් හා ත්‍රීරෝදරථයක් ගැටී ත්‍රීරෝදරථ රියදුරු ජීවිතක්ෂයට

23 August 2026

අද (23) පස්වරුවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අළුත්ගම, ගනේගම පුරාණගම පන්සල අසල ඩිපෝව හරස් දුම්රිය මාර්ගයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබේ.


මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වූ 'සාගරිකා' දුම්රියේ මෙම ත්‍රීරෝදරථය ගැටී ඇති බව වාර්තා වේ.


අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු මියගොස් ඇති අතර, තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.


අදාළ දුම්රිය හරස් මාර්ගයේ සංඥා සහ අනතුරු ඇඟවීමේ නාදවීම් පමණක් පවතින නමුත්, ආරක්ෂක ගේට්ටුවක් නොමැති වීම හේතුවෙන් නිරන්තරයෙන් මෙවැනි අනතුරු සිදුවන බවත්, බලධාරීන් ඒ සඳහා කිසිදු පිළියමක් යොදා නොමැති බවටත් චෝදනා කරමින් ප්‍රදේශවාසීන් දුම්රිය මාර්ගය හරස් කර උද්ඝෝෂණයක නිරත වී තිබේ.


මෙම විරෝධතාව හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත.

පසුව පොලීසිය මැදිහත්වී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් අවශ්‍ය විසඳුම් ලබා දෙන බවට දුන් පොරොන්දු මත ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය අත්හැර දැමූ අතර, මේ වන විට එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කර ඇත.

 

 

More News..