brand logo
logo
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පිරිස 4,300 ඉක්මවයි

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පිරිස 4,300 ඉක්මවයි

04 October 2026


පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට පුද්ගලයින් 4,360 බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ පවුල් 1,190ක පුද්ගලයින් 4,360ක් මෙලෙස බලපෑමට ලක්ව ඇති බවය.


ඒ අනුව දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 125කින් මෙම බලපෑමට ලක්වූ පුද්ගලයින් පිරිස වාර්තා වී තිබේ.


පැවැති අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකු අතුරුදන්ව ඇතැයිද එහි සඳහන් ව තිබේ.


එමෙන්ම පැවැති ආපදාවෙන් පූර්ණ නිවාස හානි 04ක් සහ අර්ධ නිවාස හානි 613ක්ද වාර්තා වී ඇතැයිද එහි සඳහන්ව ඇත.


මේ හේතුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 02ක් ස්ථාපිත කර ඇති බවත් ඒ තුළ පවුල් 13කට අයත් පුද්ගලයින් 46 දෙනෙකු සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.


මේ අතර ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක පවුල් 49,796ක් පීඩාවට පත්ව ඇති බවද එම වාර්තාවේ සඳහන්ව ඇත.


ඒ අනුව දිස්ත්‍රික්ක 12කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33ක පවුල් 49,796කට අයත් පුද්ගලයින් 164,348 දෙනෙකු වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවද එම වාර්තාවේ සඳහන්ව ඇත.


ආපදා කළමනාකරණ මධයස්ථානය සඳහන් කර ඇත්තේ වියළි කාළගුණයෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් 136,569කට පානීය ජලය බෙදා හැරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කළේය. 

 

 

More News..