ගෝලීය සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවට අමෙරිකාවෙන් ප්‍රකාශයක්
22 May 2026
ගෝලීය සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවට අමෙරිකාවෙන් ප්‍රකාශයක්
22 May 2026
ගෝලීය සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදය පෙනී සිටින බව අවධාරණය කරමින් එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඉරානයට දැඩි රාජ්‍ය තාන්ත්‍රික බලපෑමක් එල්ල කර තිබේ.
වෙළෙඳ මුහුදු මාර්ගයන්හි ඉරානය සිදු කරන ආක්‍රමණශීලී ක්‍රියාකලාපයන් හේතුවෙන් වත්මන් සාම සාකච්ඡා ඉදිරියට ගෙනයාමට බාධා මතු වී ඇති බව ඔහු පෙන්වා දී ඇත.
ස්වීඩනයේ හෙල්සිංබර්ග් නුවර පැවැති නේටෝ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
එහිදී ඔහු පැවසුවේ ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රධානතම අරමුණක් වන්නේ නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීම බව එන අතර සාකච්ඡා විය යුතු අනෙක් ප්‍රධාන කරුණ වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය දරන ස්ථාවරය බවය.
ඉරානය කලාපීය හවුල්කාරිත්වයන් හරහා වාණිජ නැව්වලින් බදු අයකිරීමට සූදානම් වන බවත්, ගාස්තු අය කරන ක්‍රමවේදයක් සකස් කර ඒ සඳහා ඕමානය දායක කර ගැනීමට උත්සාහ කරන බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අනාවරණය කළේය.
මෙය ජාත්‍යන්තර සමුද්‍රීය නීතිය උල්ලංඝනය කිරීමක් බැවින්, කිසිදු රටක් මෙම බදු ගෙවීම් පිළිනොගත යුතු බවට ඔහු අනතුරු ඇඟවීය.

