සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 74ක විශේෂ ඩෙංගු මර්දන සතියක්
03 November 2026
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 74ක විශේෂ ඩෙංගු මර්දන සතියක්
03 November 2026
දිවයින පුරා පවතින කාලගුණික වෙනස්වීම්, ඩෙංගු කීට විද්‍යා දර්ශක සහ පසුගිය සමයේ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින්, හඳුනාගත් අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 74ක් ආවරණය වන පරිදි විශේෂ ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
නොවැම්බර් 09 වන දින සිට 14 වන දින දක්වා මෙම විශේෂ ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
මෙම වැඩසටහන නොවැම්බර් 02 සිට 07 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණද, දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එය නොවැම්බර් 09 සිට 14 දක්වා මෙලෙස කල් දැමීමට තීරණය වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රමුඛව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ වෙනත් ස්වේච්ඡා සංවිධානවල පූර්ණ සහයෝගය ඇතිව මෙම වැඩසටහන මෙහෙයවනු ලබයි.

