Best News Website award
brand logo
logo
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට

22 November 2026

මහව, ඇලවක ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 771ක් සහ හෙරොයින් ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 77ක් සමඟ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.


මහව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව ඊයේ (21) උදෑසන සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරු සහ සැකකාරිය මහව, බලල්ල ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිට ඇති බවය.


පසුව ඔවුන් කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා ගමන් කරමින් සිටියදී, පොලිස් නිලධාරීන් විසින් අදාළ මෝටර් රථය නවතා පරීක්ෂා කර තිබේ.


එහිදී මෝටර් රථය පැදවූ පුද්ගලයා සතුව තිබූ බෑගයක සහ එහි ගමන් ගත් කාන්තාව සතු අත්බෑගයක තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ කොකේන් සොයාගෙන ඇත.


තවදුරටත් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය කිරීමට භාවිත කරන තරාදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා 44 හැවිරිදි නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, කාන්තාව 45 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකාරියකි.


අදාළ මෝටර් රථය කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බවට ද අනාවරණය වී තිබේ.

 

More News..